FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානු හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි

Pakistani army plane crashes

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්තාන හමුදාවට අයත් ගුවන් යානයක් පුහුණු මෙහෙයුමක් අතර තුර අනතුරට ලක්වීමෙන් මර්ඩාන් දිස්ත්‍රික්කයේ තක්ත් බායි ප්‍රදේශයට කඩා වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවා ආරක්ෂිතව දිවි ගලවාගෙන ඇති බවයි.

අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර මේ පිලිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

තවද මාස දෙකකට වඩා අඩු කාලයක් තුළ එරට සිදුවු තෙවන ගුවන් අනතුර මෙය වන බව වාර්තා වෙයි.