FAST NEWS

24×7 Around the Globe

එළඹෙන කොදව් තරගාවලියෙන් ලසිත් මාලිංග ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් ශ්‍රී ලංකා 20 – විස්ස නායක ලසිත් මාලිංග ඉවත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

කොදෙව් තරගාවලියේ 20 – විස්ස තරග දෙකෙහි නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් හෝ දසුන් ශානක හිමිකර ගනු ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් තවමත් නිකුත් කර නොමැත.