FAST NEWS

24×7 Around the Globe

පෙට්‍රල් ඩීසල් කොන්ත්‍රාත්තු සිංගප්පූරු සමාගම් දෙකකට බාරදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මෙම වසරේ එළඹෙන මාර්තු මස 15 වනදා සිට නොවැම්බර් මස 14 වනදා දක්වා මාස 08ක කාලයක් සඳහා ඇස්තමේන්තුගත ඩීසල් (උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05) බැරල් 520,000ක් හා පෙට්‍රල් (92 Unl) බැරල් 680,000ක් දිගුකාලීන ප්‍රසම්පාදනය M/s Petrochina International (Singapore) Pte. Ltd. වෙත හා ඩීසල් (උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05) බැරල් 2,240,000 ක් දිගුකාලීන ප්‍රසම්පාදනය M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd. වෙත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරනු ලැබීය.