FAST NEWS

24×7 Around the Globe

අවසන් තරගයේ දී කලහකාරීව හැසිරුණු ක්‍රීඩකයන් 5 කට අයි.සී.සී.යෙන් දැඩි දඩුවම් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගියදා අවසන් වූ අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ අවසාන මහා තරගයෙන් පසු කළහකාරීව හැසිරුණු ඉන්දීය සහ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයන් පස් දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩුවම් නියම කර තිබේ. 

අයි.සී.සී. ය තීරණය කරනු ලැබුවේ බංග්ලාදේශ ක්‍රීඩකයන් තිදෙනෙකුට අසාදු ළකුණු 06 බැගින්ද , ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකුට අසාදු ළකුණු 05 බැගින්ද පිරිනැමීමටයි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු වරට වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව පරදවා බංග්ලාදේශයට කඩුලු 03 ක ජයක් අත්විය.

අවසානයේ කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන් බහින් බස්වීමක නිරත වූ අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.