නිවසේ නිදාසිටි 17 හැවරිදි තරුණියකගේ අගපසග ජංගම දුරකතනයකින් ඡායාරුප ගතකර පසුව ඇය බියගන්වා ලිංගික අල්ලස් ගැනිමට උත්සහ කළ බවට සැකපිට යුද හමුදා කෝප්රල්වරයෙකු ගම්වාසින් විසින් අල්ලාගෙන විමර්ශන කටයුතු සදහා තිරප්පනය පොලිස්ථානය වෙත බාරදි තිබේ.
සැකකාර යුද හමුදා කෝප්‍රල්වරයා තිරප්පනය නගරයේ පිහිටි තරුණියගේ නිවසට අළුයම් කාලයේ ගොස් ඇය නිදාසිටි කාමරයේ ජනේලය ආවරණය වන පරිදි ගසා තිබු ඉටි රෙදි අවරණය ඉවත්කරද්දි ඇය අවදිවි කෑගසා තිබේ. ඇගේ කැගැසිමේ හඩ ඇසි අවදි වු නිවසියන් හා අසල්වාසින් එක්වි සැකකරු අල්ලාගෙන ගුටි පුජාවක්ද ලබාදි පොලිස්ථානයට බාරදි ඇත.
සැකකාර යුද හමුදා කෝප්‍රල්වරයා තිරප්පනය ප්‍රදේශයේ පිහිටි නිවෙස් වලට රාත්‍රි කාලයේ හොර රහසේ ගොස් තරුණියන් හා කාන්තාවන් කාමරවල නිදන අයුරු ඡායාරුප ගත කොට තමන් ලග නිරුවත් ඡායාරුප තිබෙන බවත් ඒවා අන්තර්ජාලයට යොමුකරන බවත් පවසමින් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනිමට උත්සහ කර තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. සැකකරු තමන් ලග නිරුවත් ඡායාරූප තිබෙන බව පවසමින් එම නිවෙස් වලට ජංගම දුරකථන අංකය සහිත කුඩා පත්‍රිකාද දමා ඇතිබව පොලිසිය සදහන් කළේය.
ඊට අමතරව සැකකාර යුද හමුදා කෝප්‍රල්වරයා කාන්තාවන් ස්නානය කරන අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව අධිකරණයේ මෙවැනිම වරදකට නඩුවක් විභාග වු බවත් එහිදි සැකකරු වරද පිලිගෙන නඩුව සමතයට පත්කරගෙන වන්දි ගෙවා ඇති බව පොලිසිය සදහන් කළේය.අත් අඩංගුවටගත් සැකකරු ලග අසභ්‍ය දර්ශන සහිත පෙන්ඩ්‍රයිව් එකක් හා කැමරාව සහිත ජංගම දුරකථනයක් තිබු බව පොලිසිය පැවසුවා. එහි කාන්තාවන් නිදන අයුරු විඩියෝ ගත කළ දර්ශනද තිබු බව පොලිසිය සදහන් කළේය.
සැකකාර යුද හමුදා කෝප්‍රල්වරයා අත් අඩංගුවට ගෙන අද 28 සවස අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු උමේශ් ශානක කලංසූරිය මහතා නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ තිරප්පනය වන්නම්මඩුව ලිපිනයේ පදිංචි 10 වන ආරක්ෂක බළමුලුවේ සේවයේ නියුතු කේ.ප්‍රදිප් සම්පත් ප්‍රසන්න යන අයයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.