FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වැළැක්වීමට ඇමරිකානු කණ්ඩායමක් චීනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ අමෙරිකානු වසංගත රෝග විද්‍යාඥයින් කණ්ඩායමක් සහ එරට රාජ්‍ය නිලධාරීන් පිරිසක් චීනය වෙත යාමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලබාගැනීමට චීනය තීරණය කර ඇති අතර චීනයේ අවසරය හිමිවූ වහාම එරටට ඇතුළුවීමට අදාළ අමෙරිකානු කණ්ඩායම සූදානම් බව එහි නියෝජිතයින් සඳහන් කර තිබුණි.

නව කොරෝනා වයිරස් අවදානම වැළැක්වීම සදහා වන ගෝලීය උපාය මාර්ගික පෙර සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 675 ක් අවශ්‍ය බවත් අවදානමට ලක්විය හැකි රටවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් හදිසි සහාය අවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇත.