FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු ප්‍රහාරයකින් යේමනයේ අල්ඛයිඩා නායක ජිවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකානු ප්‍රහාරයකින් යේමනයේ අල්ඛයිඩා නායක කසිම් අල් රයිමි ජීවිතක්ෂයට පත්වූ බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ අරාබි අර්ධද්වීපයේ මෙන්ම, ලොව පුරා අල්ඛයිඩා ත්‍රස්ත මෙහෙයුම් ඔහුගේ මරණයත් සමඟ දුර්වල වනු ඇති බවයි.

කසිම් අල් රයිමි 2015 වසරේ සිට අරාබි අර්ධද්වීපයේ අල්ඛයිඩා සංවිධානය මෙහෙය වූ අතර, එය පිහිටුවනු ලැබුයේ 2009 වසරේදියි.

2000 දශකයේ අරාබිකරයේ ඇමරිකානු ඉලක්කයන් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර රැසකටම යේමන අල්ඛයිඩා නායකයා සම්බන්ධ බව විශ්වාස කෙරෙනවා.

ඔහු අරාබි අර්ධද්වීපයේ අල්ඛයිඩා නායකයා බවට පත්වූයේ ඊට පෙර සිටි නායකයා ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් මිය යාමෙන් අනතුරුවයි.