(ෆාස්ට් නිව්ස් | කොළඹ) -මෙරටට විශාල බලපෑමක් එල්ල කල පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කිසිසේත්ම මිදිය නොහැකි බව මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාට එහි වගකීම පවරා හිටපු ජනාධිපතිවරයාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව ද ඔහු සඳහන් කළේය.
ඒ මොහොතේ දී යුද හමුදාවට එවන් සිදුවීමට මැදිහත්වීම සඳහා බලයක් නොතිබූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.









