(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පිරිසක් විසින් ජනාධිපතිවරණයේ දී සජිත් පේ‍්‍රමදාසට සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් නමුත් තමා ඇතුළු කණ්ඩායමක් ඒ සඳහා තදින්ම විරුද්ධ වුන බවත් ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර පැවසීය.
ගැටමාන්න ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් රාජපක්ෂ පරාජය කරවීම සඳහා සජිත් පේ‍්‍රමදාසට උදව් කළ යුතු යැයි එම පිරිස සඳහන් කළ බවද , අමාත්‍යවරයා සඳහන් කළේය.









