(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වූහාන් නගරයේ රැඳී සිටි තායිලන්ත ජාතිකයන් 138 දෙනෙකු මුදාගැනීමට තායි බලධාරීන් සමත්වී තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ කොරෝනා වෛරසය හේතුවෙන් ඔවුන්ව මෙලෙස ගේනවා ගැනීමට පියවර ගෙන ඇති බවයි
එම පිරිස විශේෂ ගුවන් යානයකින් තායිලන්තය වෙත රැගෙන ආ බවත් ඔවුන් නිරෝධායනය කිරීමට සති දෙකක කාලයක් ඔවුන් එහි රඳවා තබන බවත් තායි බලධාරීන් මාධ්‍යයට පැවසුවේය.
නව කොරෝනා වෛරසය වැඩිම බලපෑමක් එල්ලවී ඇති වූහාන් නගරයේ සිටින තම වැසියන් මුදාගැනීමට බොහෝ රටවල බලධාරීන් මේ වන විටත් පියවර ගෙන තිබේ.
තායි බලධාරීන් තම වැසියන් යළි ගෙන්වා ගැනීමට උපකාර කිරීම සම්බන්ධයෙන් චීන රජයට සිය ස්තූතිය පලකර තිබේ.
A Thai AirAsia plane from #Wuhan with 138 Thais evacuated from the Chinese city has arrived at U-tapao airport. #BangkokPost #Thailand #coronavirus pic.twitter.com/j327Kn1lwe
— Bangkok Post (@BangkokPostNews) February 4, 2020
Thailand reported more cases of human-to-human transmission of coronavirus with six people — four Thais and two Chinese tourists — the latest found to be infected, Thai health officials said on Tuesday. #BangkokPost #Thailand https://t.co/bSS8TBfrBF
— Bangkok Post (@BangkokPostNews) February 4, 2020









