FAST NEWS

24×7 Around the Globe

ගංවතුරින් නවසීලන්තයේ බොහෝ පිරිසක් පීඩාවට

(ෆාස්ට් නිව්ස් |නවසීලන්තය) – ගං වතුර තත්ත්වයක් හේතුවෙන් නවසීලන්තයේ දකුණු දූපතේ පදිංචිකරුවන් සහ සංචාරකයන් බොහෝ පිරිසක්ද ආපදාවට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ගතවූ පැය 60 ක් තුළ මිලිමීටර දහසකට වැඩි වර්ෂාපතනයක් ඇද හැලී ඇති අතර මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල නායයෑම් සහ ගං ඉවුරු කඩාවැටීමේ අවධානමක් මතුව ඇත.

මේ හේතුවෙන් සවුත්ලන්ඞ් ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.