ලබන මස 9වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය වෙත අභියාචනාධිකරණය විසින් නියෝග කර ඇතැයි වාර්තා වේ.
ඒ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ද්විත්ව පුරවැසිභාවය ලබා තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ගොනුකර තිබු පෙත්සමක් හේතුවෙනි.
මෙහි වගඋත්තකරුවන් ලෙස ගීතා කුමාරසිංහ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇතුළු 4 දෙනෙකු නම් කර ඇතැයි ද සඳහන්ය.








