(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිරියාවේ වයඹදිග ඉඩ්ලිබ් ප්‍රදේශයේ රෝහලකට සහ බේකරියකට එල්ල වූ රුසියානු ප්‍රහාරක ජෙට් යානා ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියන් 37 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.
විදෙස් වාර්තා සඳහන් කළේ කැරලිකරුවන්ගේ ග්‍රහයෙන් පවතින අවසන් ප්‍රදේශය ඉඩ්ලිබ් ප්‍රදේශය වන අතර, ඊයේ සිට මේ දක්වා රුසියානු හමුදාව දියත් කළ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
සිවිල් ආරක්ෂක කණ්ඩායම් සහ තුවාල ලැබූ සිවිල් වැසියන් අවට රෝහල් වෙත යවා ඇති අතර සෙවීමේ සහ ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව සඳහන්.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ මියගිය අයගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.
Despite its bold denial of this, Russia committed one of the ugliest massacres of the war in #Syria yesterday, after targeting a hospital and bakery in #Ariha City. Where is the Turkish guarantor of a ceasefire for this? Where is the world’s condemnation and action? pic.twitter.com/4iTJhcDcwg
— The White Helmets (@SyriaCivilDef) January 30, 2020
Al-Shami Hospital and a bakery in #Ariha City in #Idlib countryside were bombed after midnight by Russian warplanes causing a large number of casualties among civilians and medical personnel. White Helmets are searching for missing people in intense rescue duties. pic.twitter.com/xXOm81Zxgy
— The White Helmets (@SyriaCivilDef) January 29, 2020









