FAST NEWS

24×7 Around the Globe

මිලියන 32,500 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (30) දිනයේදී රුපියල් මිලියන 32,500ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි. 

මෙහිදී වසර 4 යි මාස 7 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 15,000 ක බැදුම්කර නිකුත් කෙරෙනු ඇත.

වසර 7 යි මාස 08 කින් කල් පිරෙන පරිදි ඉතිරි මිලියන 17,500 ක බැඳුම්කර නිකුත් කෙරෙන බව මහ බැංකුව දැනුම් දෙයි.