(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගූගල් සමාගම විසින් පැතිරයන නව කොරෝනා වෛරස අවදානම හමුවේ තම සමාගමේ චීනයේ පිහිටා ඇති සියලුම කාර්යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
අවදානම් තත්වය පහවයන තෙක් කාර්යාල වසා තබා නිවෙස් තුලට වී අදාල රාජකාරී කටයුතු සිදුකරන ලෙස චීනයේ පිහිටා ඇති ගූගල් කාර්යාලවල සාමාජිකයන්ට දැනුම් දී ඇති බවට වාර්තා වේ.
චීනය – හොංකොං සහ තායිවානයේ පිහිටා ඇති සියලුම කාර්යාලවලට මෙම නියමය බලපැවැත් වේ.









