FAST NEWS

24×7 Around the Globe

රාජපක්ෂවරයෙක්ට ‘ආචාර්ය’ උපාධියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබදව ආචාර්ය උපාධියක් ලබාගෙන තිබේ. 

ඔහු 2015 වසරේ සිට කොළඹ විශ්ව විද්‍යාලයට සම්බන්ධ වී ආචාර්ය උපාධිය සදහා සූදානම් වී තිබේ.

ගණිතය පිළිබද ආචාර්ය උපාධියට අමතරව මානව චර්යාවන් හා කළමණාකරණය පිළිබදව තවත් ආචාර්ය උපාධියකට ඔහු සූදානම් වන බව වාර්තා වෙයි.

රෝහිත රාජපක්ෂ මේ වන විට එක්දරු පියෙකු වන අතර සාර්ථකව සිය පවුල් ජීවිතය ද ගෙන යමින් සිටී.