FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මර්ධනයට ඕස්ට්‍රේලියාවෙන් සාර්ථක පියවරක් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසයට සමාන වෛරසයක් චීනයෙන් පිටතදී නිපදවමින් එම වෛරසයට ප්‍රතිකාර සෙවීම සඳහා තැබූ සාර්ථක පියවරක් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

මෙලෙස ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් එක්ව සිදුකළ විශේෂ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස නව කොරෝනා වෛරසයට සමාන වෛරසය නිපදවා ඇත.

මෙම නව සොයාගැනීමේ තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ බෙදාගනිමින් වෛරසයට සාර්ථක ප්‍රතිකාරයක් කඩිනමින් සොයාගැනීම එම විද්‍යාඥයන්ගේ අරමුණ වී තිබේ.

මීට පෙර චීන විද්‍යාඥයන් පිරිසක් විසින් මේ හා සමාන පරීක්ෂණයක් ආරම්භ කලද එයට ඉහල සාර්ථකත්වයක් කරා ළඟාවීමට නොහැකි විය.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය පාලනය කිරීමේදී මේ වනවිට අත්කරගෙන ඇති ඉහළම සාර්ථකත්වය මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මේ අතර ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් එක්ව නිර්මාණය කළ මෙම වෛරසයට ප්‍රතිජීවක ඖෂධයක් නිපදවීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබේ.