FAST NEWS

24×7 Around the Globe

කෙන්යාවට පලගැටි ආක්‍රමණයක් [PHOTOS]

(ෆාස්ට් නිව්ස් |  කෙන්යාව) –  කෙන්යාවේ වගාවන් ආශ්‍රිත ප්‍රදේශයන්හි පලගැටියන් විශාල ප්‍රමාණයක් බෝවීම හේතුවෙන් ඒ ආශ්‍රිත වගාවන් රැසක් විනාශ වීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

එම පලගැටියන් විශාල රෑනක් වශයෙන් පැමිණ සමස්ත වගාවම විනාශ කරන බවට ගොවියන් මැසිවිලි නගයි.

මෙම ආක්‍රමණකාරී පලගැටියන් හේතුවෙන් දැඩි විනාශකාරී තත්ත්වයක් එරට වගාවන්වලට සිදුව ඇති අතර , මේ සදහා ඊට නිසි විසදුමක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නොමැත.