FAST NEWS

24×7 Around the Globe

සජින් වාස් රාජපක්ෂ පාලනයට විරුද්ධව සාක්ෂි දීමට සුදානමින්?

මහින්ද රාජපක්ෂ මහතා රට පාලනය කරද්දී සිදුවූයේ යයි කියන වංචා හා දුෂණ සිද්ධි ගැන පැවැත්වෙන නඩුවලදී හිටපු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මාස හතරක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට රුපියල් කෝටි 04කට වැඩි මුදල් හා ශරීර ඇප මත මුදාහැරීමෙන් පසු ඔහු මෙම තීරණය ගෙන ඇතැයි පැවසෙයි.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ පසුගිය පාලන සමයේ සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් හෙළි කර ගැනීමට හැකි වනු ඇති බවයි.