FAST NEWS

24×7 Around the Globe

රුසියානු අගමැති ප්‍රමුඛ රජය ඉල්ලා අස්වීමට තීරණය කරයි

(ෆාස්ට් නිව්ස් | රුසියාව) –  රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදේව් ප්‍රමුඛ රුසියානු ආණ්ඩුව ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 

මොවුන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ බලතල ඉහළ නැංවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කිරීමත් සමගයි.

පුටින්ගේ ධුර කාලය 2024 වර්ෂයේදී අවසන් වීමට නියමිත අතර , ඔහුට තවදුරටත් බලයේ රැඳී සිටීමට හැකිවන ලෙස මෙම නව ව්‍යවස්ථා සංශෝධනය සිදුකරනු ඇති බවට වාර්තා වෙයි.

ඔහුට සහය දැක්වීමක් ලෙසට දිමිත්‍රි මෙද්වදේව් ප්‍රමුඛ ආණ්ඩුව මෙලෙස තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.