(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි අසන්ත ද මෙල් ඇතුළු කමිටු ප්‍රධානින්, ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිම්බාබ්වේ සංචාරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය උපහාසයට ලක් කරමින් මෙරට හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඊයේ (15) ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
Wasn’t he the same player who won the test match in Durban single handedly 12 months ago? He has only played 3 test matches (5 Innings) since then.. ????????♂️ https://t.co/gyvMrcEu21
— Mahela Jayawardena (@MahelaJay) January 14, 2020
“මාස 12 කට පෙර ඩර්බන් හි පැවති ටෙස්ට් තරගය ජයගත් එකම ක්‍රීඩකයා ඔහු නොවේද? එතැන් සිට ඔහු ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 3 ක් (ඉනිම 5 ක්) පමණි,” මහේල ප්‍රශ්න කර ඇත.
I rest my case ????♂️ https://t.co/ssZLWZhODK
— Mahela Jayawardena (@MahelaJay) January 14, 2020
පසුගිය වසරේ මුල් භාගයේදී දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර ඩර්බන් නුවර පැවැති ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 153ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගිය කුසල් ජනිත් පසුගිය අගෝස්තුවේ නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගමාලාවේ පසුබෑමකට ලක්වූ අතර පාකිස්තාන සංචාරයට එක්ව සිටියත් කිසිදු තරගයකට ක්‍රීඩා නොකළේය.
මෙවර සිම්බාවේ සංචාරය සඳහා කණ්ඩායම නම් කිරීමේදී කුසල් ජනිත්ට අවස්ථාවක් නොදීමට තීරණය කරනු ලැබුවේ පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහුට සාමාන්‍ය පන්දු රකින්නකු ලෙස ක්‍රීඩා කිරීමට අපහසු නිසා බව කුසල්ට අවස්ථාවක් ලබානොදීම පිළිබඳ කරුණු දක්වමින් අසන්ත ද මෙල් පවසයි.
කෙසේනමුත්, එම තීරණය ගනු ලැබුවේ පුහුණුකරු මිකී ආතර්ගේ උපදෙස් ලබාගැනීමෙන් පසුව බවත් ඔහු කියා සිටියේය.









