FAST NEWS

24×7 Around the Globe

පිලිපීනයේ තාල් දැවැන්ත පිපිරුමකට ලක්විය හැකි බව අනතුරු අඟවයි

(ෆාස්ට් නිව්ස් |  පිලිපීනය) –  පිලිපීනයේ තාල් ගිනිකන්ද ඉදිරි පැය කිහිපය හෝ දින කිහිපය තුළ දැවැන්ත පිපිරීමකට ලක්වනු ඇති බවට භූ විද්‍යාඥයන් අනතුරු අඟවයි.

එරට දෙවන සක්‍රියතම ගිනිකන්ද වන මෙමගින් නික්මෙන දුමාරය හේතුවෙන් මැනිලා අගනුවර එදිනෙදා කටයුතු ද අඩාල වී තිබේ.

විලක් මැද දිවයිනක පිහිටි ලොව කුඩාම ගිනි කන්දක් ලෙසට තාල් ගිනිකන්ද හැදින්වෙයි.

ලිපීනයේ මැනිලා නගරයට කිලෝමීටර් 70 ක් දුරින් ටාල්ගිනි කන්ද පිහිටා ඇති අතර , ගිනි කන්ද අවට සිටින පුද්ගලයින් 8000 ක පමණ පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කර ඇත.

ගිනි කන්දෙන් නිකුත් වන දුම සහ අළු හේතුවෙන් මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් වාර 286 ක් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.