ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජපන් මිත්‍රත්ව පාරේ වන රොදක් අසලදී තරුණියකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම තරුණිය කෑ ගසනු ඇසූ රියැදුරන් පිරිසක් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
සැකකරු අනුරාධපුර, මහපොතාන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තිදරු පියෙකි.
ඔහු තරුණිය නැවතී සිටින නේවාසිකාගාරයේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ අයෙකි.
18 හැවිරිදි තරුණිය තණමල්විල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකරු ඊයේ රාත්‍රියේ තරුණිය සිය යතුරු පැදියේ නංවාගෙන පැමිණ අතවර කිරීමට උත්සහ කර ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
ඔහු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.








