FAST NEWS

24×7 Around the Globe

අද සිට ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය යළි ඉහළට

(ෆාස්ට් නිව්ස් | ඔස්ට්‍රේලියාව) –  ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය අද (10) සිට යළිත් ඉහළ යන බව එරට කාලගුණ බලධාරීන් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවය.

2019 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තය ඇතුලු ප්‍රදේශ කිහිපයක පැතිර යන ලැව්ගිනි තවදුරටත් පවතින බව එරට මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් පසුගිය දින කිහිපයේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු වර්ෂාවත් සමඟ ලැව්ගිනි පැතිරයාම යම්තාක් දුරට පාලනය වී තිබුණි.