FAST NEWS

24×7 Around the Globe

බැග්ඩෑඩ් අගනුවර අධි ආරක්ෂිත කලාපයට මිසයිල ප්‍රහාර දෙකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරේ ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුලූ තවත් තානාපති කාර්යාල රැසක් ස්ථාපිත කර ඇති අධි ආරක්ෂිත කලාපයට මිසයිල ප්‍රහාර දෙකක් එල්ලවී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තාවී නොමැති බවයි.

ඉරානය විසින් ඉරාකයේ ඇමරිකානු කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කර පැය 24 ක් ගතවීමටත් පෙර මෙම මිසයිල ප්‍රහාර එල්ලවීම විශේෂත්වයක් වන අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නැත.