FAST NEWS

24×7 Around the Globe

රටවල් කීපයක් ඉහළින් ගුවන් යානා පියාසර කිරීම ඇමරිකාව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) –  ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ඉරානය, ඉරාකය, පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් ගල්ෆ් කලාපයට ඉහළින් ගුවන් යානා පියාසර කරවීම් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. 

ඒ , ඉරාකයේ ඇමරිකානු කදවුරු දෙකකට ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර 12 කට අධික සංඛ්‍යාවක් එල්ල කිරීම හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් හෙට (09) දිනයේ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.