FAST NEWS

24×7 Around the Globe

ඉරාකයෙන් හමුදා ඉවත් කර නොගැනීමට ඇමරිකාව තීරණය කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමෙරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් කර නොගන්නා බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් පවසයි

ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇමෙරිකාව ඉරාකයේ ස්ථාපිත කර ඇති හමුදා අනුඛණ්ඩ ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

පසුගියදා ඉරානයේ හමුදා ප්‍රධානි ජෙනරාල් කාසෙම් සුලෙයිමාන් ජීවිතක්ෂයට පත් වීමෙන් අනතුරුව ඉරාක පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් සිය රටේ සිටින විදේශ හමුදා ඉවත්ව යායුතු බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබුවේය.