FAST NEWS

24×7 Around the Globe

වාහන ආනයනයේ අඩුවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 නව වසර උදාවීමත් සමඟ වාහන ආනයනය විශාල වශයෙන් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඊට ප්‍රධාන හේතුව 2019 නොවැම්බර් පලමුවැනිදා සිට රජය විසින් පැණවු සුඛෝපභෝගී වාහන බද්ධ සහ ජනතාව අතර වාහනයක් ගැනීමට ඇති ප්‍රවණතාව අඩුවීම බවයි එහි සභාපති රංජන් පීරිස් කියා සිටියේය.