FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවීමේ දින ළං වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් දින 54 කින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූල බලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම පවසයි.

මාර්තු 2 වන දින මධ්‍යම රාත්‍රී 12 ට ව්‍යවස්ථාපිත අධිකාරිය නිකුත් කිරීමට ජනාධිපතිවරයාට නීතිමය බලය ඇති බව මාතර හි පැවති රැස්වීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 110 ක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරණය මෙන් එළඹෙන මහ මැතිවරණය ද පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනු ඇතැයි ඔහු පැවසීය.