FAST NEWS

24×7 Around the Globe

ඉරාන හමුදා නායකයාගේ අවසන් කටයුතු හෙට

(ෆාස්ට් නිව්ස් | ඉරානය) – අමෙරිකානු හමුදා විසින් ඝාතනය කල ඉරාන හමුදා නායක කාසෙම් සුලෙයිමානි ඇතුළු පිරිසගේ අවසන් කටයුතු හෙට (07) සිදු කිරීමට නියමිතයි. 

ජනරාල් සුලෙයිමානිගේ දේහය වෙනුවෙන් ඉරානයේ නායක අයතුල්ලා කමෙයිනි අද (06) ටෙහෙරාන් සරසවි භූමියේ දී යාඥාවට සහභාගී වීමට නියමිත අතර ඔහුගේ මළසිරුර ඉරානයට රැගෙනවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඝාතනයට ලක්වූ ඉරාන හමුදා නායකයාගේ දේහය (Ahvaz) නගරයට ළඟාවෙද්දී කළු පැහැති ඇඳුමින් සැරසුණ දහස් සංඛ්‍යාත පිරිස් නගරයේ වීදිවල ඒකරාශීව අමෙරිකාවට මරණය ප්‍රාර්ථනා කර තිබුණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ජනරාල් සුලේය්මානිගේ දේහය ඇතුළත් ඇසුරුම ඉරානයේ ජාතික ධජයෙන් ආවරණය කර ඇති බවයි.