FAST NEWS

24×7 Around the Globe

තුර්කි හමුදා ලිබියාවට යැවීම ඇරඹෙයි

(ෆාස්ට් නිව්ස් | තුර්කිය) – තුර්කි හමුදා කණ්ඩායම් ලිබියාවට පිටත්කර යැවීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

අදාළ යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය ද හිමිවූ බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන් ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ අනුග‍්‍රහය යටතේ ජාතික ගිවිසුම් රජයක් ඇතිකර එහි ස්ථාවරත්වය සහතික කිරීම සඳහා තුර්කියේ සහය හිමිවන අතර , නැගෙනහිර ලිබියාව කේන්ද්‍ර කරගත් ජෙනරාල් කලීෆා හෆ්රාත්ගේ කැරලි කණ්ඩායම් මර්දනය කිරීමද එහි එක් අරමුණක්.