(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 8 වන පාර්ලිමේන්තුවේ 4 වන සභාවේ මංගල රැස්සවීමට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක ප්රතික්ෂේප කරන අයුරු දක්නට ලැබුණි.
ජනාධිපතිවරයා රාජාසන කතාව සිදු කර නැවත සභාවෙන් නික්ම යන විට සියලුම මැති ඇමැතිවරු දැත් එක් කොට ආයුබෝවන් කියා ආචාර දැක්වුයේය.
ඊට විපක්ෂයේ බොහෝ දෙනා එනම් නායක රනිල් වික්රමසිංහ ඇතුළු බොහෝ පිරිසක් දෑත් එක කොට අචාර කළහ.
නමුත් පාඨලී චම්පික රණවක මහතා පමණක් සිය දැත් පිටුපසට තබා ගනිමින් මුහුණේ සිනහවක්ද නොමැතිව බලා සිටි අයුරු දැක ගැනීමට හැකි විය.









