(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැටෙන්නට ඉඩනොදී ආරක්ෂා කර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බව තාක්ෂණික හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පවසයි.
ශ්‍රීලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු ආදරය බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා මෙහිදී සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොරටුව නව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(03) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගෙන පෝෂණය කර ගෙන ඉදිරියට යා යුතු බවයි.









