FAST NEWS

24×7 Around the Globe

අන්‍යෝන්‍ය සහයෝගය තිබූ පමණින් තරඟයක් ජය ගන්න බැහැ – මාලි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුපිරි ක්‍රීඩක මාලිංග ප්‍රකාශ කළේ මෙම තරඟය ක්‍රීඩකයන් අතර අන්‍යෝන්‍ය සහයෝග තිබූ පමණින් ජයගත නොහැකි බවයි.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (02) ඉන්දියාව බලා පිටත්ව ගියේය.

මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව යනු පරාජ කිරීමට අසීරු කණ්ඩායමක් බවත් පන්දු යවන්නන් විදිහට විශාල කාර්ය භාරයක් ඔවුන්ට ඉටු කිරීමට ඇති බවත් මෙම තරඟාවලිය කෙසේ හෝ ජය ගැනීමට තමා ඇතුළු කණ්ඩායම උත්සහ කරන බවත්ය.