(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෙළඳපොලේ මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ඒ නමුත් තම සංස්ථාව සතු අලෙවිසැල්වල එවැනි මිල ඉහල යාමක් දක්නට නොලැබෙන බව ධීවර සංස්ථාව සඳහන් කළේය.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ධීවර සංස්ථාවට අයත් අලෙවිසැල්වල කෙලවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 720ක මිලකටත් තලපත් කිලෝවක් රුපියල් 880 ක මිලකටත් අලෙවි කෙරෙන බවයි.







