පළමුවැන්න ලෙස දික්වැල්ල කුඩාවැල්ල ප්රදේශයේ පදිංචි දහහතර හැවිරිදි බාල වයස්කාර දැරියක් පැහැර ගෙන ගොස් අතවර කර ඇති බවයි.
ඇගේ පෙම්වතා යයි කියන විසි එක් හැවිරිදි තරුණයෙකු මෙසේ ඇයට අතවර කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීමට දික්වැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මේ අතර බූන්දල හිරියාගම ප්රදේශයේදී දහතුන් හැවිරිදි දැරියක් දූෂණය කර ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.
නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවේ කඩා වැදුන පුද්ගලයෙකු ඇයට මෙසේ අතවර කර ඇත.
මේ පිළිබද පරීක්ෂණ පැවැත්වූ හම්බන්තොට පොලීසිය සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම බෙලිඅත්ත සිටිනාමලුව ප්රදේශයේදී හය හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර කර ඇතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි.
දැරියගේ නිවසට පැමිණි දහනව හැවිරිදි තරුණයෙකු විසින් මෙම දැරිය දූෂණය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරු බෙලිඅත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.








