FAST NEWS

24×7 Around the Globe

කෝපය ගැන පාප් වහන්සේට ජනතා අප්‍රසාදයක් [VIDEO]

(ෆාස්ට් නිව්ස් |වතිකානය) –  ඊයේ(02) පාන්දර නව වසරේ උදාව සමග වතිකානයේ ජනතාව වෙත සුබාශිංසන පිරිනමන්නට ගිය අතිඋතුම් පාප් වහන්සේ හදිසි කෝපයකට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේ සිය කණගාටුව පල කර තිබේ.

වතිකානයේදී පාප් වහන්සේගේ අතින් අදිනු ලැබූ කාන්තාවකගේ අතට දමා ගැසීමේ සිද්ධියක් ඊයේ සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහකට ලක්විය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සෙනග අතරට පැමිණ දරුවන්ට ආශිර්වාද කරමින් යාමට සුදානම් වූ අවස්ථාවේදී කාන්තාවක් එතුමන්ගේ අතින් ඇද අත අත්නොහැර සිටියේය.

එහිදී ඇය තමන්ටද ආශිර්වාද කරන ලෙස කෑ ගහන අවස්ථාවේ කෝපවූ පාප් වහන්සේ ඇය අතඅරින්නට පෙර අනෙක් අතින් ඇයගේ අතට පහර දෙයි.

එම අවස්ථාවේ පාප් වහන්සේ දැඩි ලෙස කෝපය වී සිටියේය.

මෙම අවස්ථාවේ වීඩියෝව ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පැතිර ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතැමුන්ගේ අප්‍රසාදය පලවී තිබේ.