FAST NEWS

24×7 Around the Globe

මෙක්සිකෝවේ බන්ධනාගාර රැඳවූවන් 16 ක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | මෙක්සිකෝව) –  මෙක්සිකෝවේ බන්ධනාගාරයක හටගත් ගැටුමකින් රැඳවූවන් 16 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

මෙක්සිකෝවේ උතුරුදිග සකාටේකස් ප්‍රාන්තයේ බන්ධනාගාරයක මෙම ගැටුම ඇති වී තිබෙන අතර , මෙය, එරට සිදුවූ දරුණුම බන්ධනාගාර ගැටුම්වලින් එකක් බව වාර්තා වෙයි.

මෙම ගැටුමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැත.

ගැටුම සිදුවූ බන්ධනාගාරය පරීක්ෂා කිරීමේදී තවත් ගිනි අවි 3 ක් සහ විවිධ වර්ගයේ පිහි රැසක් හමුවී තිබේ.

බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ගැටුම ජනාධිපති මැනුවෙල් ලෝපෙස් ඔබ්රදෝර් බලයට පත්වීමෙන් අනතුරුව එරට සිදුවූ ප්‍රචණ්ඩකාරීම ගැටුම්වලින් එකක් බව එම වාර්තා වැඩිදුරටත් පැවසීය.