FAST NEWS

24×7 Around the Globe

රටවල් රැසක පුරවැසියන්ට නිදහස් වීසා දීම දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මෙරටට පැමිණීමේ දී රටවල් 48 ක පුරවැසියන්ට නිදහස් වීසා ලබාදීම තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. 

සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන්කර සිටියේ ලබන අප්‍රේල් 30 දක්වා එම කාලය දීර්ඝ කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඉකුත් වසරේ අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව විදේශිකයන්ගේ පැමිණීම විශාල ලෙස අඩුවූ අතර එය සැලකිල්ලට ගෙන පසුගිය වසරේ අගෝස්තු මස සිට රටවල් 48 කට නිදහස් වීසා පහසුකම් දීමට පසුගිය රජය තීරණය කළේය.

කෙසේවෙතත් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මේ වන විට සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වී ඇති බැවින් එය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් නිදහස් වීසා ලබා ගැනීමේ කාලය අප්‍රේල් 30 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.