FAST NEWS

24×7 Around the Globe

පන්දු රැකීමේ පුහුණුකරු නුවන්ගෙන් රොමේෂ් කළුවිතාරණට තර්ජනයක්.

ශ්‍රී ලංකා “ඒ” පිලේ ප්‍රධාන පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතා විසින් ඒ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පවත්වන ලද විශේෂ පුහුණු සැසියකට බලහත්කාරයෙන් ඇතුළුවූ ශ්‍රී ලංකා පිලේ පන්දු රකින්නන්ගේ පුහුණුකරු නුවන් සෙනවිරත්න මහතා කළුවිතාරණට බැනවැදී තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

තමාගේ කොන්ද කඩා දමන බවට ද නුවන් තර්ජනය කළැයි කළුවිතාරණ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට පැමිණිලි කර ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එවැනි කාරණාවක් සම්බන්ධයෙන් තමා දැනගත්තේද අපි ඒ ගැන විමසූ විට බවයි.

එසේම එවැන්නක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවද කී ඈෂ්ලි මහතා කෙසේවුවද එය අභ්‍යන්තර කාරණාවක් බවත් එවැනි කාරණා සම්බන්ධයෙන් මාධ්‍යට තොරතුරු ලබා නොදෙන බවද ඔහු කියා සිටියේය.