FAST NEWS

24×7 Around the Globe

නුවන් ප්‍රදීප්ට ඉන්දීය තරග සංචාරය අහිමි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට එළඹෙන ඉන්දීය තරග සංචාරය අහිමි වනු ඇති බව වාර්තා වෙයි. 

පසුගිය සෙනසුරාදා පැවැති පුහුණුවීම් අතරතුර දී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් සති හයක පමණ කාලයක් ඔහුට විවේක ගැනීමට සිදු වන බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේය.

ඔහු වෙනුවට බොහෝ විට කසුන් රාජිත ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා විස්සයි – 20 සංචිතයට කැදවීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.