FAST NEWS

24×7 Around the Globe

2020 නව අවුරුදු සැමරුමට ප්‍රංශයේ විශේෂ ආරක්ෂාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 නව අවුරුදු සැමරීම සමගාමීව ප්‍රංශයේ ආරක්ෂාව තර කිරීම සඳහා නගර කිහිපයකට පොලිස් නිලධාරීන් ලක්ෂයක් පමණ යොදවා තිබේ.

විශේෂයෙන්ම අයිෆල් කුළුණ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ඊට අමතරව හමුදා භටයන් හා ගිනි නිවීමේ භටයන් රැසක්ද ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.

මෙලෙස ආරක්ෂාව තරකර ඇත්තේ 2015 නොවැම්බර් මාසයේදී පැරීසියට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග උත්සව සමයේ ප්‍රංශයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමේ තර්ජන සහ රජයට එරෙහි විරෝධතා හේතුවෙනි.