(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (01) සිට ජාතික රුක් රෝපණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙහි ප්‍රධාන උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහමෙව්නා උයනේදී පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහන නම් කර ඇත්තේ ‘හැදෙන රටට වැඩෙන ගසක්’ ලෙසටයි.
ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ වන ආවරණය 30 % දක්වා ඉහළ නැංවීමේ අරමුණින් යුතුව මෙම ජාතික රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.







