(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධික මීදුම් තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර කටයුතු වලට බාධා එල්ලවී තිබේ.
විශේෂයෙන් රථ වාහන පද්ධතියට බාධා එල්ල වී ඇත.
ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළේ ගුවන් ගමන් 04ක් අවලංගුකිරීමට සහ තවත් ගුවන් ගමන් 19ක් හරවා යැවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මීට අමතරව දුම්රිය ගමන් 30කට අධික ප්‍රමාණයකට ද බාධා එල්ල වී තිබේ.
අධික මීදුම් තත්ත්වය හේතුවෙන් දිල්ලි කාලගුණ කාර්යාලය විසින් රතු නිවේදන නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර රථවාහන ධාවනයේදී සැළකිලිමත් වන ලෙස උපදෙස් ලබාදී ඇත.









