FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් විධායක කමිටුවට යන්න තිලංග නඩු දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම්  නඩුවක් ගොනු කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආසන්නතම සභාපති වශයෙන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලාය.

හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වූයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා පනතට ගෙන ආ නව රෙගුලාසි සංශෝධනයක් හේතුවෙනි.