(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට ඇප මත නිදහස් වී සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න රටින් පලායාමට උත්සාහයක් දරමින් සිටින බවට සැක සහිත බව මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර තිබේ.
මීට පෙර අවස්ථාවකදී හිටපු ඇමතිවරයා කළ දූෂණ චෝදනාවක් නිසා ඔහුගේ මන්ත්‍රී ධූරය පවා අහෝසි කර ඇති බව අනුරාධපුර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.
දැනට ඔහුගේ අසනීප තත්වයෙන් හෙළිවන තොරතුරු අනුව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට යන මුවාවෙන් රටින් පැන යාමට උත්සාහ කරන්නේ දැයි සැකයක් ඇති බවත් යම් ලෙසකින් සේනාරත්න හිටපු ඇමතිවරයා රටින් පිට වුවහොත් යලි සොයා ගැනීමට හෝ නොහැකි වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.









