FAST NEWS

24×7 Around the Globe

දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මියයයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ නාදුනන තුවක්කුකරුවෙකු විසින් දේව මෙහෙයක් පැවැත්වෙන අතරතුරදී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සොයා එරට ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.