(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාව විසින් එරට රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් වරාය නගරයට ප්රහාර එල්ල කිරීමේ අයි.එස්. ත්රස්තවාදී සැලසුමක් අනාවරණ කිරීම පිළිබඳව ඇමරිකාවට සිය ස්තූතිය පළ කර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඒ පිළිබඳව ස්තූතිය පළ කර ඇත.
සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන රුසියානු ජාතිකයන් දෙදෙනෙකු රඳවාගෙන ප්රශ්න අතර උත්සව සමය ඉලක්ක කර සෙන් පීටර්ස්බර්ග් වරාය නගරය තුළ ප්රහාර මාලාවක් එල්ල කිරීමට සැළසුම් කර තිබූ බවට ඇමරිකාව පසුගියදා අනතුරු අඟවා තිබුණි.









