සිංගප්පූරු මෝටර් රථ ධාවන තරගාවලිය ජයග්‍රහණය කිරීමට ජර්මනියේ සෙබස්තියන් වෙට්ල් සමත් වී තිබෙනවා.බ්‍රිතාන්‍යයේ ලුවිස් හැමිල්ටන් මෙම තරගයෙන් ඉවත් වුනේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්.තරගාවලියේ 32වන වටය දක්වා ඔහු තරග කලත් මෝටර් රථයේ දෝෂයක් හේතුවෙන් තවදුරටත් තරග කිරීම අනතුරුදායක විය.
2014 වසරෙන් පසු ලුවිස් තරගයකින් ඉවත් වූ පළමු අවස්ථාව මෙයයි. කෙසේ වෙතත් ෆෝමියුලා වන් ගෝන් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුනේ පසුවන්නේ ලුවිස් හැමිල්ටන්.
තරග 7ක් ජයගත් ඔහු ලකුණු 252ක් ලබා සිටින අතර ජර්මනියේ නිකෝ රොස්බර්ග් තරග 3ක් ජයගෙන ප්‍රසාද ලකුණු 211ක් ලබා රැදෙන්නේ දෙවන ස්ථානයේ.
තුන්වන ස්ථානය දිනා සිටින ජර්මනියේ සෙබස්තියන් වෙට්ල් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්යාටව 203ක්.ලබන මාසයේ ජපානයේ පැවැත්වෙන සුසුකා මෝටර් රථ තරගාවලියේදී යලි තරග බිමට එක්වන බව ලුවිස් හැමිල්ටන් ප්‍රකාශ කලා.






