FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ ඝාතන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෙවී ගිය වසර තුළ අමෙරිකාවේ සිදු වූ සමූල ඝාතන වාර්තාගත ලෙස ඉහළ අගයක් ගන්නා බව සිදුකරන ලද අධ්‍යනයකින් හෙළි වී තිබේ. 

ඇසෝසියේටඩ් ප්‍රෙස්, USA ටුඩේ මාධ්‍ය ආයතන බොස්ටන්හි පර්යේෂණ විශ්ව විද්‍යාලය සමග සිදුකළ අධ්‍යනයකින් මේ බව අනාවරණය වී ඇත.

සිදු වූ සමූල ඝාතන අතුරින් බහුතරයක් ගිනි අවි සම්බන්ධ සිදුවීම් බව සඳහන්.

මේ වසරේ සිදු වූ බිහුසුණුම සමූල ඝාතන ලෙස වාර්තා වන්නේ මැයි මාසයේදී 12 දෙනෙකුට මරු කැඳවමින් වර්ජිනියා බීච්හි සිදු වූ සමූල ඝාතනය සහ අගෝස්තු මාසයේ පුද්ගලයින් 22 දෙනෙකුට මරු කැඳවමින් එල් පාසෝහි සිදු වූ සමූල ඝාතන ද්විත්වයයි.

අද පෙරවරුවේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි දේවස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

දේව මෙහෙයට සහභාගිවීමට පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.